JW subtitle extractor

JW බ්‍රෝඩ්කාස්ටිං - 2026 අප්‍රියෙල්

Video Other languages Share text Share link Show times

ගිලෙයි හිරු සාගරයේ
රඟ දේ ගස් වෙරළේ
උණුහුම් වේ ගිනි දැල්ලෙන් මේ
දැනේ ආදරේ දෙව්ඳුන්ගේ
අගනේය දෙව් සෑදූ දේ
සවිමත් වේ මගේ විශ්වාසේ
අදහාගන්නට බෑ දෙව්ගේ
සැමට පෙන්නන ඒ ප්‍රේමේ
අඩුවක් නම් නෑ දෙව්ගේ
උතුරා යයි ආදරේ
කිසි පැකිලීමක් නෑ
මුළු හිතින්මයි දෙන්නේ
ත්‍යාගශීලී වෙන්නෙමි මං දෙව්ඳුන් මෙන්
අනිත් අයට දෙන්නම් මං ආදරෙන්
යෙහෝවා දෙයි සෑම දේ
ඔහුයි මා ආදර්ශේ
ඔහුයි මා ආදර්ශේ
සෑම දේ දුන් පියාණන් මේ
හදින් පිරී දෙයි දෙව් අපේ
සැනසෙමි දෙව් වදනින් මා
එය දිය උල්පතක් වේ
ජීවේ පැන් පොද ඔබ දෙන්නේ
මුළු හිතින් පෙලඹී නොමිලේ
දෙමි මමත් යෙහෝවා දුන් සේ
පණිවිඩේ දෙව් රාජ්‍යයේ තුටින්
අඩුවක් නම් නෑ දෙව්ගේ
උතුරා යයි ආදරේ
කිසි පැකිලීමක් නෑ
මුළු හිතින්මයි දෙන්නේ
ත්‍යාගශීලී වෙන්නෙමි මං දෙව්ඳුන් මෙන්
අනිත් අයට දෙන්නම් මං ආදරෙන්
යෙහෝවා දෙයි සෑම දේ
ඔහුයි මා ආදර්ශේ
ඔහුයි මා ආදර්ශේ
ඔහුයි මා ආදර්ශේ
ඔහුයි මා ආදර්ශේ
අඩුවක් නම් නෑ දෙව්ගේ
උතුරා යයි ආදරේ
කිසි පැකිලීමක් නෑ
මුළු හිතින්මයි දෙන්නේ
ත්‍යාගශීලී වෙන්නෙමි මං දෙව්ඳුන් මෙන්
අනිත් අයට දෙන්නම් මං ආදරෙන්
යෙහෝවා දෙයි සෑම දේ
ඔහුයි මා ආදර්ශේ
ඔහුයි මා ආදර්ශේ
දෙන්නම් මා දෙව් දුන් සේ