JW subtitle extractor

JW බ්‍රෝඩ්කාස්ටිං - 2026 ජූලි

Video Other languages Share text Share link Show times

අසන් සොයුර
මේ බලන් මා දෙස
අසරණ වූ මගේ හිත විඳිනා ශෝකේ
මා දනිම් දෙව් ප්‍රේමේ
යේසුස්ගේ ත්‍යාගේ
ඒත් මා නොවටින බව තවමත් මට දැනෙන්නේ
මට කන් දෙන්න
අයැද මා සනසන්න
ළඟට ඇවිත් මාව නැඟිටවන්න
ආදරෙන් මා සිත සනසවන්න
ඇත්නම් යෙහෝවා හා සහෝදරයන්
සාමය නිම් නොවේ
ඉතින් එක්ව සිටිමු
එක්ව සිටිමු
දනිම් සොයුර
වේදනා ඔබගේ
අමතක නොකරන් ඔබ තනි වෙන්නේ නෑ
මේ මා ඔබ ළඟයි
යෙහෝවා ඔබ ළඟයි
කිසි දිනකදී ඔහු ඔබ අත් හැරලා යන්නෑ
එන්නම් ඔබට කන් දෙන්නම්
දෙව්ට අයැදින්නම්
මා ඇවිත් ඔබව නැඟිටවන්නම්
ආදරෙන් ඔබව සනසවන්නම්
ඇත්නම් යෙහෝවා හා සහෝදරයන්
සාමය නිම් නොවේ
මා ඇවිත් ඔබව නැඟිටවන්නම්
ආදරෙන් ඔබව සනසන්නම්
ඇත්නම් යෙහෝවා හා සහෝදරයන්
සාමය නිම් නොවේ
ඉතින් එක්ව සිටිමු
එකට
එක්ව සිටිමු
සිටිමු